Loading..

ඇමති ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම

ඉහළ නිලධාරීන් ලෙස හෝ ඉහළ සේවකයින් ලෙස අධි මානසිකත්වයෙන් බැහැරව සියලු දෙනා ඒකාවන්ව වැඩ කළ යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ සැළසුම් පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩකටයුතු සහ ඒ වෙනුවෙන් සිදුකෙරෙන ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබදවද එහිදී සාකච්ඡා කර තිබේ.

මෙම අවස්ථාවට එක්වූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සූකර උණ සම්බන්ධයෙන් සමාජයේ පැතිරයන වැරදි මත පිළිබඳව පැහැදිලි කළා.

The post ඇමති ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vdIbK3k
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.