හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනය සිදු කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම ප්‍රහාරය සඳහා සුදු පැහැති මෝටර් රථයෙන් කුලී ඝාතකයා රැගෙන ගිය රියැදුරු පොලිසිය මගින් මින් පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු පවසා ඇත්තේ ප්‍රහාරය වෙනුවෙන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් විසිදහසක් තමන්ට ලැබුණු බවයි.
මුදුන්කොටුව මහතා මීගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ , ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි
The post හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු කොටුවෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/tTlXcQN
via IFTTT

