Loading..

ලංගම බස් වර්ජනය ඇරඹෙයි

පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

වෘත්තීය සමිති විසින් සිදුකරන ඉල්ලීම් බහුතරයක් මේ වන විටත් ලබා දී අවසන් බැවින් මෙම වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පැවසුවේය.

වර්ජනය ක්‍රියාත්මක කරන බවට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වෘත්තීය සමිති ප්‍රකාශ කළ ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවන කටයුතු ආරම්භ කරන බස් රථ සාමාන්‍ය පරිදි ගමන් ආරම්භ කරන අයුරු දැකගත හැකි විය.

The post ලංගම බස් වර්ජනය ඇරඹෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/calCZf6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.