Loading..

බිත්තර සෝදා ගබඩා කරන්න එපා! ඔබ අනිවාර්යයෙන් දැනුවත් විය යුතුම කාරණාවක්!

බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින බවය.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ පුලින රණසිංහ මහතා,

“බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙමෙයි. ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්. 

බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ. ඒකට ක්ෂුද්‍ර ජීවීන් වැටුණොත්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර සේදුවාට පසු ගබඩාකර තබාගන්න බෑ. 

බිත්තර පාවිච් කරන අවස්ථාවේ සේදා ගන්න එක නෙමෙයි මේ කියන්නේ.

මම හිතන්නේ නෑ සෝදපු බිත්තර වෙළෙඳපොළේ ඇසුරුම්කර තිබෙනවා කියලා. බිත්තර නිෂ්පාදන ක්‍රියාවලියේදීම කුණු, දූවිලි, අසූචි තැවරෙන එක සීමා කරලා හොද තත්ත්ව කලමණාකරන ක්‍රමවේද අනුගමනය කරලා නිෂ්පාදනය කරන බිත්තර තිබෙනවා.

ලෝකයේ සාමාන්‍යයෙන් බිත්තර ඇසුම්කරන විට පිරිසිදු කරන්නේ යන්ත්‍රානුසාරයෙන් පිස දැමීම. එහෙම නැතුව සෝදන එක නෙමෙයි“.

The post බිත්තර සෝදා ගබඩා කරන්න එපා! ඔබ අනිවාර්යයෙන් දැනුවත් විය යුතුම කාරණාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MDHJkFC
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.