Loading..

මත්ද්‍රව්‍ය සමඟින් ස්වාමීන් වහන්සේලා දෙනමක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ස්වාමීන් වහන්සේලා දෙනමක් මහනුවර අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම හිමිවරුන් දෙනම පසුගියදා 15 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන ස්වාමීන් වහන්සේලා දෙනමකි.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ස්වාමීන් වහන්සේලා දෙනම මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ ගාස්තුවකට යටත්ව නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

The post මත්ද්‍රව්‍ය සමඟින් ස්වාමීන් වහන්සේලා දෙනමක් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sDKBiTf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.