Loading..

ඇල්ලේ බස් රථ අනතුරට හේතුව ගැන හෙළිදරව්වක්! පොලීසියෙන් අනාවරණයක්!

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවු රිය අනතුර රියදුරුගේ නොසැළකිල්ල හේතුවෙන් සිදුව ඇති බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

අනතුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

එම පරීක්ෂණ සම්බන්ධයෙන් ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මෙලෙස අදහස් පළ කළේය.

රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව ඔහු සඳහන් කළේය.

පසුගිය 04 වනදා රාත්‍රීයේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේදී විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි විය.

“ඇල්ල – රාවනා ඇල්ල මාරක රිය අනතුර සම්බන්ධයෙන් විශේෂයෙන්ම පරික්ෂණ පවත්වනවා මෝටර් රථ පරික්ෂවරුන් ගිහිල්ලා පරික්ෂා පැවැත්වුවා. මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඒ බදුල්ල, බණ්ඩාරවෙල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් හා නියෝග පරිද මේ අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ හා විමර්ශන සිදුවෙනවා. මෙහිදී විශේෂයෙන්ම බස් රථයේ රියදුරුගේ නොසැළකිලිමත්කම නිසා මෙම අනතුර සිදුවෙලා තිබෙන්නේ. වයස අවුරුදු 25ක පුද්ගලයෙක් තමයි බස් රථයේ රියදුරු ලෙස කටයුතු කරලා තියෙන්නේ. රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනලා එම මාර්ගයෙන් ප්‍රපාතයට වැටීමෙන් තමයි මෙම අනතුර සිදුවෙලා තියෙන්නේ”

The post ඇල්ලේ බස් රථ අනතුරට හේතුව ගැන හෙළිදරව්වක්! පොලීසියෙන් අනාවරණයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NvnDj1b
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.