එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ (9 වැනිදා) ආරම්භ වූ ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වී සිටින ශ්‍ර්‍රී ලංකා සංචිතය සමගින් එක් වීම සඳහා වනිඳු හසරංග සහ ජනිත් ලියනගේ මෙරටින් පිටත්ව ගොස් ඇත.
වනිඳු ආසියානු කුසලාන තරගාවලියට නම් කළ සංචිතය සඳහා ඇතුළත්ව සිටි නමුත් ආබාධ තත්ත්වයකින් සුවය ලබමින් සිටීම හේතුවෙන් නිමා වූ සිම්බාබ්වේ තරගාවලිය සඳහා ඇතුළත් නොවුණි.
තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ සිම්බාබ්වේ තරගාවලියේදී එක්දින තරගාවලියට පමණක් ක්‍රීඩා කළ අතර තරගාවලියෙන් අනතුරුව මෙරටට පැමිණ සිටි ඔහුව පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සඳහා පසුව ආසියානු කුසලාන සංචිතය සඳහා ඇතුළත් කර ඇත.
The post වනිඳුට සහ ජනිත් ලියනගේට ආසියානු කුසලාන වරම් හිමිවෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/mIOntDH
via IFTTT

