Loading..

රියදුරු බලපත්‍ර හිමියන්ට සුබ ආරංචියක්

රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර අටේ සිට සැලකිය යුතු කාලයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඊට අදාළ වැඩපිළිවෙළක් යෝජනා කිරීමට තාක්ෂණික ඇගයීම් කමිටුවක්ද පත්කර ඇත.

අලුතින් රියැදුරු බලපත්‍ර ලබාගැනීමේදී අයැදුම්කරුවන්ගේ වයස හා ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගෙන රිය බලපත්‍රයේ වලංගු කාලය වසර අටකට වඩා වැඩි කිරීමටද මැදිවියේ හා වයස අවුරුදු 40ට වැඩි රියැදුරු බලපත්‍ර නව ඉල්ලුම්කරුවන්ට සහ රිය බලපත් අලුත්කර ගැනීමට එන අයැදුම්කරුවන්ට ගැළපෙන කාලසීමාවක් දක්වා වලංගු කාලය වැඩි කිරීමටද යෝජනා වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සඳහන් කළේ මෙය තීරණයක් නොව යෝජනාවක් පමණක් බවයි. තවද එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තද එය බර වාහන රියැදුරන්ට අදාළ නොවන බවත් බර වාහන රියැදුරන් වසර තුනෙන් තුනට රිය බලපත්‍ර අලුත් කරගත යුතු බවත් හෙතෙම කීවේය.

The post රියදුරු බලපත්‍ර හිමියන්ට සුබ ආරංචියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xpjblJz
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.