Loading..

අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අදයි.

බෞද්ධ සැදැ­හැ­වත් ජනතාවට මේ වප් පුර­ප­ස­ළො­ස්වක පොහොය කරුණු කිහි­ප­යක් නිසාම වැද­ගත් වනවා.

බුදු­ර­ජා­ණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුර­යට වැඩම වීම, මතු බුදු වන මෛත්‍රී බෝස­තුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබා ගැනීම හා විව­රණ ලැබීම, සංඝ­මිත්තා තෙර­ණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩ­මවා ගැනී­මට අරිට්ඨ කුමරු ඇතුළු දූත පිරිස දඹ­දි­වට පිට­ත්කර හැරීම, අරිට්ඨ කුමරු ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගා­යනා කිරීම, පෙර­වස් සමා­දන් වූ භික්ෂූන් වහ­න්සේලා මහා පවා­ර­ණ­යෙන් වස් පවා­ර­ණය කිරීම හා චීවර මාසයේ ආර­ම්භය මේ වප් පුර­ප­ස­ළො­ස්වක පොහෝ දිනයේ සිදු වූ වැද­ගත් සිදු­වීම් අතර ප්‍රමුඛ වනවා.

බුදු­ර­ජා­ණන් වහන්සේ සත් වැනි වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩු­ක­ම්බල සෛලා­ස­න­යෙහි වස් සමා­දන්ව මාතෘ දිව්‍ය­රා­ජයා ඇතුළු දෙව් පිරි­සට අභි­ධ­ර්මය දේශනා කර මාතෘ දිව්‍ය­රා­ජයා ඇතුළු අසූ­කෝටි­යක් මාර්ග ඵල­ව­ලට පත්කර අන­තු­රුව වප් පොහෝ දින වස් පවා­ර­ණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවි­ව­රුන්ගේ ගරු බුහු­මන් මධ්‍යයේ රන් ඉණි­ම­ඟින් දඹ­දිව සංකස්ස නගර ද්වාර­යට වැඩම කළේත් අද­ වන් උතුම් වප් පොහෝ දින­ක­දීයි.

අදට යෙදෙන වප් පුර පසළොස්‌වක පොහෝ දිනයට සමගාමීව දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත් සිදු කෙරෙනවා.

The post අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/f8CBkpY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.