දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වල සහ මහනුවර සහ නුවර එලිය දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්‌නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
The post වැසි තත්ත්වයේ වෙනසක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/78SzGpF
via IFTTT

