කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අද (01) පෙරවරු 6.00 ට නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 8.40 ක් ලෙස වාර්තා කරමින් ඉහළම අගයක සටහන් වී තිබුණා.
එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද වාර්තා වනවා.
එසේම හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම අඩි 9.78 ක් ලෙස සටහන් වී තිබුණා.
තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නො වන බවත්, ඉදිරියේ දී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවධානයෙන් සිටින ලෙස සියලු දෙනාටම දැනුම් දෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
The post නාගලගම් වීදිය ජල මාපංකය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/DsY9aVX
via IFTTT

