ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) නිවේදනය කළේය.
පද්ධතිය දුර්වල වෙමින් පැවතියද, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙකක කාලය තුළ තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකිය.දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, එමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
The post අඩු පීඩන තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/5qiYHUJ
via IFTTT

