කුරුණෑගල – පුත්තලම මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේදී ඊයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පියෙක්.
ඔහු සිය පස් හැවිරිදි දරුවා ද වඩාගෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී, පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දරුවා වහාම නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලබා සිටින දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරාව මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාරියපොල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
The post අවාසනාවන්ත රිය අනතුරක්! පස් හැවිරිදි දරුවා වඩාගෙන ගිය පියා ජීවිතක්ෂයට! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/fzlq5nS
via IFTTT

