මොණරාගල- කුඹුක්කන කළුපාලම මතදී කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටී අද (21) අලුයම සිදු වූ අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
වැල්ලවාය – මොනරාගල මාර්ගයේ කුඹුක්කන කළු පාලම මතදී වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරයේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනාගෙන් අටදෙනෙකු බරපතළ තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගිය පුද්ගලයින් අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවන දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. තුවාල ලැබූ අනෙක් තිදෙනා මොනරාගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු සහ ට්‍රැක්ටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/PQ2VerB
via IFTTT

