Loading..

බිහිසුණු අනතුරක් - 15ක් රෝහලට


 ඇඹිලිපිටිය, හිඟුරආර ගල්වංගුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 15දෙනෙකු බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අද ( 15) පස්වරු 4.30ට පමණ කැබ් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරුව යතුරුපැදියකද ගැටී එම අනතුර සිදුව තිබුණි. 

එම අනතුරින් ළමුන් හයදෙනෙකු පිරිමි පුද්ගලයින් සිවුදෙනෙකු හා කාන්තාවන් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.