Loading..

මරණ, උප්පැන්න හා විවාහ සහතික අලුත් වෙයි

ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කිරීමේ අවස්ථාව එක්වෙමින්.

තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.

විවාහ සහ මරණ සහතික ද ඩිජිටල් කිරීමටද නියමිතව ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

දීර්ඝ කාලයක් නිත්‍යානුකුල විවාහ නොවී එකට ජීවත් වූ පවුල් හතරක් නීත්‍යානුකූල විවාහ දිවියට ඇතුළත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එස්. පී හේරත්, රෙජිස්ට්‍රාර් ජෙනරාල් සමන්ත විජේසිංහ යන මහතුන් ඉදිරියේ සිදුවිය.

අලුත් ගමක් – අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මකයි.

ජංගම සේවාව තුළින් මෙම සහතික නිකුත් කිරීම දී සිදු අය කිරීමක් නොකෙරේ.

The post මරණ, උප්පැන්න හා විවාහ සහතික අලුත් වෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rqDy6Kb
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.