Loading..

එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය කල් යයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 14 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ, අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් මීට පෙර නිවේදනය කර තිබුණේ එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 11 වනදා පැවැත්වෙන බවයි.

ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියර එළඹෙන ජුලි මස 30 වනදා සිට අගෝස්තු 20 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර ඇත්තේ.

The post එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය කල් යයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KEYkHhx
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.