ලංගමය දිනකට බස් රථ 5000ක් පමණ ධාවනය කරන නමුත් ඒවායින් ලැබෙන ආදායමින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් (2,50,00000ක්) දිනපතා සොරකම් කරන බව මේ ගැන කරන ලද විශේෂ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
මේ අනුව ලංගමයට එක් බස් රථයකින් දිනකට අහිමිවන ආදායම රුපියල් 5000ක් පමණය.
මෙම තොරතුර සම්බන්ධව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු එම දත්ත සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය වැළැක්වීමට බස් රථ හා දුම්රිය සේවාවට ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා QR (කිව්.ආර්) ක්‍රමය හඳුන්වා දීමට සැලසුම් කර ඇති නමුත් රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනකු විසින් ඊට දැඩි ලෙස බාධා කර කකුල් මාට්ටු දමන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත් රජය දැනටමත් QR කේතය සැකසීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ටෙන්ඩර කැඳවීමක් කර ඇත. ඒ සඳහා සමාගම් 12ක් ඉදිරිපත්ව ඇතත් කකුල් මාට්ටුකරුවන් නිසා ලංගමයේ සොරකම් නැවැත්වීම සඳහා වන මෙම ක්‍රමය තවමත් අඩාල වී ඇතැයිද අමාත්‍යවරයා කීය.
(දේශය)
The post ලංගම බසයකින් දිනකට රුපියල් 5000ක් මාටියා ගසනා සේවකයින් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/0DdXuiG
via IFTTT


