Loading..

ශ්‍රී ලංකා කණ්ඩායම අද නෙදර්ලන්තය සමගින් තරග බිමට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (13) ආරම්භ වනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමකටම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

එම පුහුණු තරගයන්හිදී නෙදර්ලන්තය හා අමෙරිකා එක්සත් ජනපදය සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද පස්වරු 12:30 ට ආරම්භ වේ.

පුහුණු තරගවලින් අනතුරුව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් 10ක් සහභාගීවීමට නියමිතව තිබෙනවා.

The post ශ්‍රී ලංකා කණ්ඩායම අද නෙදර්ලන්තය සමගින් තරග බිමට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dBmZRD8
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.