Loading..

වරාය නගරයට වෛද්‍ය පීඨයකින් සමන්විත ජාත්‍යන්තර සරසවියක්

වෛද්‍ය පීඨයකින් ද සමන්විත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සඳහා කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් ටෙන්ඩර් කැඳවා ඇත. 

වෛද්‍ය පීඨයට අමතරව ඉංජිනේරු, ව්‍යාපාර කළමනාකරණ, මූල්‍ය සහ බැංකු තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍රවලට අදාළව ද පාඨමාලා ආරම්භ කෙරේ. 

කලාපය තුළ කොළඹ නගරය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පහසුකම් සැපයීම ද මෙම විශ්වවිද්‍යාලයේ වගකීමක් වෙයි.

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක් මෙන්ම එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් අනූන විය යුතු බවත් වරාය නගර කොමිෂන් සභාව පවසයි. මාස හයක් ඇතුළත විශ්වවිද්‍යාලයට පිහිටුවීමට නියමිත අතර ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අපේක්ෂිතය.

The post වරාය නගරයට වෛද්‍ය පීඨයකින් සමන්විත ජාත්‍යන්තර සරසවියක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xpInWlB
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.