Loading..

වදල සපනය කඩ වට හටප සඛය ඇමත මරට

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.

විදුලි සෝපානය කඩාවැටීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ගමන් ගත් ඔහුගේ රියදුරා ද බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය පැවැසීය.

මිය යන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 89 හැවිරිදි වියේ පසුවිය.

සිරිල් මහතා ඔහුගේ රියදුරා සමග නිවසේ පිටතින් සවිකර ඇති විදුලි සෝපානයෙන් තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය හදිසියේ කඩා වැටීමෙන් දෙදෙනාම තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.

The post විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමැති මරුට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8bPXJId
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.