Loading..

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මතු වූ පුද්ගල මළ සිරුර

බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක ඉහළ මාලයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  73 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු එම කාර්යාලයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබේ.

යුද හමුදා නිලධාරියෙකු සේවා කටයුත්තක් සඳහා අද උදෑසන එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි පිරිසුදු කිරීමේ අංශයට යමින් සිටියදී ඒ ඉදිරිපිට පුටුවක් මත මෙම පුද්ගලයා මියගොස් සිටිනු දැක තිබේ.

ඒ අනුව තලංගම පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

The post ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මතු වූ පුද්ගල මළ සිරුර first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0Pq7Hfd
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.