Loading..

අට මස් හැවිරිදි දරුවාට මව අහිමි කළ මාරක රිය අනතුර

හෙට්ටිපොල කරගහගෙදර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා බිලිඳෙක් ඇතුලු 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (03) රාත්‍රී ජිප් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජිප් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක ගැටීමෙන් එම ත්‍රී රෝද රථය පෙරලී ගොස් යතුරුපැදියක ගැටී තිබෙනවා.

ජිප් රථය තවදුරටත් ඇදී ගොස් මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ද ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා, එහි පිටුපස අසුනේ සිටි කාන්තාවක් සහ තවත් අයෙක්, ජිප් රථයේ ගමන් කළ 4 දෙනෙක් මෙන්ම යතුරුපැදිය පැදවූ පුද්ගලයා, එහි ගිය කාන්තාවක් සහ මාස 8ක කුඩා බිළිඳෙක් ඇතුලු 10 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

ඔවුන් ඇතුලත් කෙරුණේ කුලියාපිටිය රෝහලටයි.

එහිදී යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය වයික්කාල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්. අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

The post අට මස් හැවිරිදි දරුවාට මව අහිමි කළ මාරක රිය අනතුර first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nr3vzIS
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.