Loading..

නවස ඇත කළ සනඛය මහළ මවට මර කඳවය

නිවසේ ඇති කළ සුනඛයෙකු සපාකැමෙන් බරපතල තුවාල ලැබු වයෝවෘද්ධ මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (09) පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, කොදාගොඩ ගමගේ දයාවති (76) නැමති අහංගම දිගබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සුනඛයා විසින් එම මවගේ පපු ප්‍රදේශය සපා කා බරපතල තුවාල සිදුකර ඇති අතර ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.

ඇය දියවැඩියාව හා අධික රුධිරපිඩනය යන රෝග වලින් දැඩිලෙස පීඩාවට ලක්ව සිටි තැනැත්තියකි.

නිවසේ ඇති කරණු ලබන සුනඛයා ගැටගසා සිටියදී මව සපාකා ඇති බව හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණ වී තිබේ.

මියගිය මවගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසිමරණ පරික්ෂක මහේෂ් කරුණාරත්න විසින් සිදුකරණු ලැබීය.

The post නිවසේ ඇති කළ සුනඛයා මහළු මවට මරු කැඳවයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZFBhCwn
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.