Loading..

අතරදහන ව නල ලඡන සයගනන ජනතවග සහය පතන ජනපත ලකම

ජනාධිපති මන්දිරයෙන් අතුරුදහන් වී ඇති නිල ලාංඡන සොයා ගැනීමට සහය වන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

2022.07.09 වන දින සිට 2022.07.14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් අනතුරුව එහි රැඳී සිටි කාල සීමාවේ ජනාධිපති මන්දිරය තුළ පැවැති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අතුරුදහන්ව තිබුණා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමකින් යුතු ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් එය ජූලි 31 වනදාට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙසයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡනය යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්කතයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අනුව ඒ සම්බන්ධව තොරතුරුක් ඇත්නම් 0772 354 354 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කිරීමට හැකි.

නිල ලාංඡනවල ආකෘති පහතින් දැක්වේ.

The post අතුරුදහන් වූ නිල ලාංඡන සොයාගන්න ජනතාවගේ සහය පතන ජනපති ලේකම් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/coMvnB2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.