ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද (28) දිනයේ දී රු. මිලියන 200,000 ක (රු. කෝටි 20,000 ක) භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන ලදී.
2026 අගෝස්තු 01 දින කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 120,000 ක් සහ 2028 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 80,000 ක් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ වෙන්දේසිය සඳහා බැඳුම්කර ඉදිරිපත් කර තිබුණු අතර පිළිවෙලින් ඒ සඳහා රු. මිලියන 161,557 ක් සහ රු. මිලියන 158,442 ක් වශයෙන් ඊට ලංසු ලැබී තිබුණි.
ඒහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රමාණයට සමපාත වන අයුරින් එක් එක් පරිණත කාලයන් යටතේ රු. මිලියන 120,000 ක් සහ රු. මිලියන 80,000 ක් ලෙසින් ලංසු පිළිගැනීමට මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.
from TODAY NEWS LK https://ift.tt/1CPUvSq
via IFTTT


