රජයේ නිල නිවාසයේ බලෙන් රැඳී සිටි බව කියන හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන එකී නිල නිවසෙන් නෙරපා හැරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝගයක් නිකුත් කළා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවේ ගොනුකරන ලද නඩුවක් සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
විත්තිකරු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසුවත් නිල නිවසේ රැඳී සිටින බවත් ඔහුට ඉන් ඉවත් වීමේ නියෝගයක් පනවන ලෙසත් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
නඩුවට අදාළ කරුණු අධිකරණය හමුවේ තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිල නිවසෙන් නෙරපීමේ නියෝගය අධිකරණය විසින් නිකුත් කෙරුණු ලැබුවා. (source – hiru news)
from TODAY NEWS LK https://ift.tt/McGuXf9
via IFTTT


