ජංගම දුරකථනයක් කනේ තබාගෙන දුම්රිය මාර්ගයේ ගමන්කළ තරුණියක් ඊයේ (28) පස්වරුවේ දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරදාන සිට අළුත්ගම බලා ධාවනයවූ දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේ සිට පින්වත්ත දක්වා ගමන් කිරීමේදී රාත්‍රි 7.00 ට ආසන්නව අනතුර සිදුව ඇත.
කළු පැහැති ඩෙනිම් කලිසමක් සහ මල් සහිත කහ පැහැති හැට්ටටයක් ඇද සිටි 22 වියේ පමණ පසුවන ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බව දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසීය.
දුම්රියේ ගැටී බරපතළ තුවාල ලැබූ තරුණිය වාද්දුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් එම ස්ථානයෙන් 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ එම තරුණිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි.
from TODAY NEWS LK https://ift.tt/ET8sL5U
via IFTTT


