Loading..

පිරමීඩ ජාවාරම්කරුවන්ගේ සෙල්ලම් ඉවරයි! මින්පසු දඬුවම් අපරාධ නීතිය යටතේ!

පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ ගැටලුව විසඳීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

එවැනි වංචනික යෝජනා ක්‍රම හා සම්බන්ධ නීති සහ දඬුවම් ශක්තිමත් කිරීම කෙරෙහි අමාත්‍යංශ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ පුද්ගලයන් මෙන්ම සංවිධාන ද ඉදිරියේදී අපරාධ නීතිය යටතේ වගකිව යුතු බවට නීති සකස් කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

පිරමීඩ යෝජනා ක්‍රම කඩිනමින් හඳුනාගෙන ඒවාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ මූල්‍ය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය අදහස් කරන බවයි පැවසෙන්නේ.



from TODAY NEWS LK https://ift.tt/S290vIo
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.