Loading..

එක් දිනක් තුළ සිව්වරක් ගොළු වූ පාර්ලිමේන්තුව

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාවේ ඝනපූර්ණය ප්‍රශ්නය මතු කිරීම හේතුවෙන් සභාවේ කටයුතු ඊයේ(8) පස්වරුවේ අවස්ථා හතරකදී ඇණ හිටියේය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මන්ත්‍රීවරයකු එක ළඟ ළඟ ඝනපූර්ණ ප්‍රශ්නය සිවු වතාවක් මතු කළ පළමු අවස්ථාව මෙය බවයි.

ඝන පූර්ණ ප්‍රශ්නය මතු කළ මේ සෑම අවස්ථාවකදීම සීනුව නාද කර මන්ත්‍රීවරුන් කැඳවීමට මූලාසනයට සිදුවිය.

තම පක්ෂයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගිවීමට පොරොන්දු වූ පරිදි අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමා සෑම අවස්ථාවකම සභාවේ ඝන පූර්ණ ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ඔහු ඝනපූර්ණය ප්‍රශ්නය මෙසේ මතු කළේ ඒ අනුවය.

එක් අවස්ථාවක විමල් වීරවංශ මහතා ඝනපූර්ණය ප්‍රශ්නය මතු කර සභාවෙන් පිටව ගොස් සිටියේය. මෙහිදී අදහස් දැක්වූ මුලසුනේ සිටි සමන්ප්‍රිය හෙරත් මන්ත්‍රීවරයා පැවසුවේ ඝන පූර්ණ ප්‍රශ්නය මතු කළ මන්ත්‍රීවරයා සභාවේ නොසිටී නම් සභාවේ කටයුතු පවත්වාගෙන යා හැකි බවයි.

ඒ අනුව සභාවේ කටයුතු පටන් ගැනිණ.

මේ අවස්ථාවේදී වීරවංශ මහතා සභාවට පැමිණ ගණ පූර්ණ ප්‍රශ්නය සිවු වැනි වතාවටත් මතු කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඝන පූර්ණ ප්‍රශ්නය මෙසේ මතු කිරීමෙන් සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.



from TODAY NEWS LK https://ift.tt/bUJDyLK
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.