Loading..

ගෑස් ගැන ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව 2024-2025 කාලසීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු කැඳවා තිබෙනවා..

එහෙත්, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළැඹීම එකී ප්‍රතිව්‍යූහගතකරණය ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇතැයි සඳහන්.

එබැවින් මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිම වන තෙක් බාධාවකින් තොරව එල්ලි ගෑස් සපයා ගැනීම සඳහායි ජනාධිපතිවරු විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

එබැවින් මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිම වන තෙක් බාධාවකින් තොරව එල්පී ගෑස් සපයා ගැනීම සඳහායි ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.



from TODAY NEWS LK https://ift.tt/B61jUlV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.