Loading..

ලංකා IOC සමාගමෙන් ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක්

ලංකා IOC සමාගම විසින් ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය.

මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසටය.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස සටහන් වෙයි.

ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 231ක් ලෙසටය.



from TODAY NEWS LK https://ift.tt/CDludhG
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.