නුවර – කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ වෙළෙඳසැල් 04ක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ නායෑමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම වෙළෙඳසැලේ සිටි පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රී සිදුවූ නායෑමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවය.
පොලීසිය සහ අපදා කළමණාකරණ අංශ එක්ව ඔහුගේ සිරුර සෙවීමේ කටයුතු ඊයේ රාත්‍රියේම ආරම්භ කර තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.
අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මෙම ස්ථානය මීට පෙරද නායයෑමක් සිදුවූ ස්ථානයක් බැවින් වෙළෙඳසැල් හිමියන්ට ඉවත්වන ලෙස දැන්වූ බවය.
කේසේ වෙතත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවීම හේතුමෙන් මෙම අනතුර සිදුව තිබේ.
තවත් අවදානමට ලක්වූ වෙළෙඳසැල් කිහිපයක්ම එහි පවතින අතර ඉන් වහාම ඉවත් වන ලෙස දන්වා ඇති බව අපදා කලමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
from TODAY NEWS LK https://ift.tt/61tEmcB
via IFTTT


