Loading..

ජනතාවට හොඳ කලක් උදාවෙයි! ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ මිලෙහි විශාල වෙනසක්!

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කළේ, මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බවය.

“ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණා. ආනයනික සීමා පනවලා තිබුණා කොවිඩ් එක්ක. වසර තුනහමාරකට පස්සේ අපිට ගිය මාසේ ආනයන සීමා ලිහිල් කරලා, නැවතත් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නා රජය. මෙය අවස්ථාවක් කරගන්නවා රජයට ස්තූති කරන්න. පහුගිය මාසය තුළ නැවතත් ආනයනය පටන් අරන් තියෙනවා. මිල ශීඝ්‍ර ලෙස පහළ බහිනවා.ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම්වල. ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යනවා. ඉදිකිරීම් කේෂ්ත්‍රයටත් ඉතා හොඳ පන්නරයක් මේක.”

ශාමින්ද්‍ර ගුණසේකර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මෙම කේෂත්‍රය සඳහා තවදුරටත් බදු පැනවීමක් සිදුකළ හොත් ටයිල් කැටයක මිල යළිත් රුපියල් 100 කින් ඉහළ යන බවය.

“තවදුරටත් තීරු බදු වැඩි කරන්න එපා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය දැන් කඩා වැටිලා තියෙනවා. මේ බද්ද ආවොත් රු 100කට වැඩි වෙනවා. අඩි දෙකේ දෙකේ ටයිල් කැටයක් ලංකාවට එන්නේ රු 450ට. තව රුපියල් 550ක් වෙනවා බදු.”



from TODAY NEWS LK https://ift.tt/DKZBclH
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.