Loading..

පාන් මිල යළි ඉහළ දැමීමට සැරසෙයි

පාන් රාත්තලක මිල රුපියල් 170 දක්වා ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එම්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු නම් එම මිල ගණන ඉහළ දැමීමට සිදු වනු ඇති බවයි.

රට තුළ පාන් නිෂ්පාදකයන් තුන් කොටසක් සිටින බව ද ඔහු පෙන්වා දෙනවා. ඉන් සුළු පිරිසක් පාන් තනා තමන් විසින්ම අලෙවි කරනු ලබනවා.

ඔවුන්ට ග්‍රෑම් 450ක පාන් රාත්තලක් රුපියල් 140කට වඩා අඩු මිලකට අලෙවි කළ හැකියි.

සෙසු පිරිස මධ්‍යම ප්‍රමාණ වශයෙන් පාන් නිෂ්පාදනය කර වෙළෙඳුන් මාර්ගයෙන් කොමිස් පිට අලෙවි කරන අය වන බව සඳහන්.

විශාල ව්‍යාපාරිකයෝ මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කර අලෙවි කරන බවයි, එම්.කේ ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

මේ දෙකොටසටම පාන් ගෙඩියක් සඳහා රුපියල් 30ක පමණ කොමිස් මුදලක් ගෙවීමට සිදු වනවා. එමෙන් ම පාන් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි, සභාපතිවරයා අවධාරණය කළේ.

මේ හේතුවෙන් ග්‍රෑම් 450 පාන් ගෙඩියක් මෙම කාණ්ඩ දෙකටම අලෙවි කරන්නට සිදුවන්නේ රුපියල් 160 – 170 වැනි මිලකටයි.

සිය සාමාජිකයන්ටය නියමිත බරට පාන් නිෂ්පාදනය කරන ලෙසට උපදෙස් දිය යුතු වූවත් උපරිම මිලක් තීරණය කිරීමට නොහැකි බව ද එම්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළා.



from TODAY NEWS LK https://ift.tt/zNa3OSy
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.