Loading..

මේ දවස්වල ගෙවල් කුළියට දෙද්දි බලාගෙනයි

නිවෙස් කුළියට හෝ බද්දට ලබාදීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

රට පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුම හේතුවෙන් ඇතැම් ජාවාරම්කරුවන් තමන් පදිංචි නිවාසවලින් ඉවත්වී කුළියට හෝ බද්දට නිවෙස් ලබාගෙන සැඟව සිටීමට උත්සාහ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

මේ අතර බොරැල්ල, ආනන්ද රාජකරුණා මාවතේ මහල් නිවාසයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පසුගියදා පුද්ගලයෙකු තුවාල ලැබුවා.

මීට දින කිහිපයකට පෙර එම මහල් නිවාසයේ තාවකාලික පදිංචියට පැමිණි පුද්ගලයෙකු එලෙස තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස ලේඛනගතව ඇති පුද්ගලයෙකු වනවා.

බන්ධනාගාරගතව සිට ඇප ලබා ඔහු පැමිණ ඇත්තේ පසුගිය 05වනදා බවටයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.



from TODAY NEWS LK https://ift.tt/ciW41mS
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.