ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කිරීම සඳහා එක්විය.
දශක තුනක යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.
සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහි දී කටයුතු කරන ලදී.
from TODAY NEWS LK https://ift.tt/QH7blZJ
via IFTTT


