Loading..

ලැඟුම්හලක් තුළදී කාන්තාවක් ලෙස මිය යයි!

කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, පසුගිය 12 වනදා පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන් ගෙන සිටි කාන්තාවක් එලෙස ඝාතනය වී ඇති බවයි.

මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර මියගිය කාන්තාව පුද්ගලයෙකු සමඟ හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සඳහා පැමිණ ඇති අතර, කාමරය විවෘත නොකිරීම පිළිබඳව සැක සිතී කළමනාකරු විසින් ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට දන්වා ඔවුන් සමඟ කාමරයෙහි දොර කඩා විවෘත කර තිබෙනවා.

එහිදී කාන්තාව කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් කාමරයට යාබඳව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැලලාගෙන ඇති බවත් නිරීක්ෂණය වී ඇති අතර එලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සනාථ වී තිබෙන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය පරීක්ෂණ පවත්ව බව සඳහන් වෙනවා.



from TODAY NEWS LK https://ift.tt/Vi3xnFu
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.