Loading..

ගම්බිම් බලා යන ජනතාවට වැදගත් පණිවිඩයක්

ගමනා ගමන කොමිෂන් සභාවේ ඉල්ලීම මත අවුරුදු සමයේ අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම 15 වනදා සිට ජනතාවට නැවත කොළඹ ට පැමිණීමට බස් රථ යෙදවීමටද සැලසුම් කර ඇත.

එයට සමගාමීව අධිවේගී මාර්ගවල ද අතිරේක බස් රථ යෙදවීමට නියමිතය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අද (11) දිනයේ සිට ගම්බිම් බලා යෑමට පිරිස් කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ 12 වනදා සවස් කාලය වනවිට බස් රථවල තදබදයක් ඇති වියහැකි බවය.



from TODAY NEWS LK https://ift.tt/9rSX7Ms
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.