Loading..

තමන්ටම වෙඩි තියාගෙන නාට්‍යයක් රඟ දැක්වූ උද්දික ප්‍රේමරත්නට වැඩ වරදී! වෙන්න යන දේ මෙන්න!

සම්මානනීය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී ඔහුගේ මෝටර් රථයට සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමගේ සහය ඇතිව සකස් කළ සූක්ෂම සැලස්මකට අනුව සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ පොලීසියට බොරු පැමිණිලි ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේයි.

තවදුරටත් විමර්ශන පවත්වා හෙලිවන තොරතුරු අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සහකාර පොලිස් අධිකාරිවරයා මැලේසියාව වෙත පලා ගොස් සිටින බවත් ඔහුව ජාත්‍යන්තර පොලීසියේ සහය ඇතිව ශ්‍රී ලංකාවට ගෙන ඒමට පියවර ගනිමින් සිටින බවත් සඳහන්.

මොහු කිසිදු උසස් පොලිස් නිලධාරියෙකුට නොදන්වා හොර රහසේ රටින් පිටව ගොස් ඇති අතර ඔහු යනවිට ඔහුට නිකුත් කර තිබූ රාජකාරී පිස්තෝලය වෙනත් අයෙකු මාර්ගයෙන් නාරහෙන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාර දී තිබෙනවා.

මෙම සහකාර පොලිස් අධිකාරීවරයා උද්දික ප්‍රේමරත්නගේ රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඔහුට නිකුත් කර තිබූ රාජකාරි පිස්තොලයද අක්‍රීය වී ඇති අතර එය පොලිස් මධ්‍යම අවි ගබඩාවට භාරදී අලුත් පිස්තෝලයක් ලබා ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසන අතර මෙම ක්‍රියාවද පරීක්ෂණ පවත්වන කණ්ඩායම්වල සැකයට භාජනය වී ඇති බව සඳහන්.

The post තමන්ටම වෙඩි තියාගෙන නාට්‍යයක් රඟ දැක්වූ උද්දික ප්‍රේමරත්නට වැඩ වරදී! වෙන්න යන දේ මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fy1QYp0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.