මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පිඬුසිඟා වැඩම කළ බව වාර්තා වනවා.
මෙවර පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් මෙලෙස පිඩු සිඟා වැඩීම සිදුකර තිබුණා.
මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි දිවියට එළැඹීමට පෙර වියට්නාමයේ රෑ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා සිටියා.
පසුගිය වසරේදීද මිහින්තලේ උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු බව පවසමින් පොසොන් උත්සවය සංවිධානය සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනිමට පිඩු සිඟා වැඩීම සිදු කෙරුණි.


The post පොසොන් පින්කම වෙනුවෙන් ‘පිඬුසිඟා වඩින’ ගිහි කළ රූ රැජින appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/XHebEIW
via IFTTT

