ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළා.
ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
2024 ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 15 අතර පැවැත්වීම අනිවාර්ය වන අතර එය තීන්දු කෙරෙන්නේ ජනාධිපතිවරණ පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැලකිල්ලට ගනිමිනි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 16ත් 21ත් අතර කාලය තුළ දිනක නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙන අතර අනතුරුව නාමයෝජනා භාරගත් දිනයේ සිට දින 28ත් දින 42ත් අතර කාලය තුළ ජනාධිපතිවරණ ඡන්ද විමසිම පැවැත්විය යුතුය.
ඡන්ද විමසීම සෙනසුරාදා දිනයක පැවැත්වීමට වැඩි සම්භාවිතාවක් පවතින බැවින් ජනාධිපතිවරණය බොහෝදුරට සැප්තැම්බර් 21 වැනිදා හෝ 28 වැනිදා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

The post ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන ඉඟියක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/l6ejY5f
via IFTTT


