Loading..

පියාගේ තුරුලේ නිදා සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගනී! සැකපිට 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට!

සිය පියාගේ තුරුලේ නිදා සිටි 5 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කිරීමට තැත්කළ 17 හැවිරිදි තරුණයෙකු පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය කෑගැසීම හේතුවෙන් ඇය නිවස අසල වෙල්යායක අතහැර දමා යාමට සැකකරු කටයුතු කර තිබුණි.

ඉකුත් 22 වනදා පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ නිවසකදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

රෝගී තත්ත්වයක් නිසා එදින දැරියගේ මව වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර දැරිය පියා සමග නිදාසිට ඇත්තේ නිවසේ සාලයේ තිබූ ඇඳක් මතය. 

රාත්‍රි 11.45 පමණ මව නානකාමරයට යන අවස්ථාව වනවිටත් දැරිය පියාගේ තුරුලේ නිදාසිටින අයුරු ඇය නිරීක්ෂණය කර තිබේ.

කෙසේවෙතත් ඇය යළි කාමරයට ගිය පසුව ඇයට යම් ශබ්දයක් ඇසී ඇත.

දියණියගේ මව,

“ප්ලාස්ටික් පුටුවක් සෙලවෙනවා ශබ්දයක් ඇහුණා. අම්මා කෑ ගහුවා දරුවා නැහැ කියලා. ජනේලයේ රෙද්ද ඈත්වෙලා තිබුණා. මම හිතුවා කවුරුහරි දරුවා අරන් ගිහින් කියලා.”

දියණියගේ පියා,

“මමයි දුවයි නිදාගෙන හිටියේ. බබා නැහැ කියලා කෑ ගහද්දි මට ඇහුණේ. මම කුස්සියට ගිහින් බැලුවා දුව නැහැ. අම්මයි නෝනයි කෑ ගැහුවා. මම එළියට බැස්සා… ඊට පස්සේ වෙල ළඟ හිටපු දුවව මම අරන් ආවා.”

නිවසේ අනාරක්ෂිත ඡනේලයකින් දැරියව පැහැරගෙන ගොස් තිබුණි.

සිද්ධියෙන් පසු සොයාගත් සෙරෙප්පුවක් ඔස්සේ විමර්ශන ඇරඹූ පොලීසියට සැකකරු පිළිබඳ තොරතුරු හෙළි කරගැනීමට හැකිවී තිබුණි.

එම සෙරෙප්පුව ඔස්සේ සිදුකළ විමර්ශන අනුව දැරියගේ නිවසට මීටර් 400ක් පමණ දුරින් වු නිවන්තිඩිය  සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි  17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනුණි.

ඒ වෙල්යායේ වැටී තිබූ සෙරෙප්පුව සැකකරුගේ මවට පෙන්වීමෙන් අනතුරුව ඇය එය තම පුතාට අයත් බවට තහවුරු කිරීමෙන් පසුවය.

සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ මාස දෙකකට පමණ ආසන්න කාලයක සිට දැරිය ගැන තමාට ඇතිවූ දැඩි කැමැත්ත මත ඇයව අපයෝජනය කිරීම සඳහා පැහැරගෙන ගිය බවටය.

සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී අනාවරණ වී ඇත්තේ දැරිය කිසිඳු අතවරයකට ලක්වී නොමැති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(source – adaderana)

The post පියාගේ තුරුලේ නිදා සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගනී! සැකපිට 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0HaeKBl
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.