Loading..

බස්නාහිර පළාත් ආණ්ඩුකාර තනතුර ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙකුට පිරිනැමීමට ජනපතිගෙන් තීරණයක්

මෙරට විශාලතම ලැයිස්තුගත සමාගමක් වූ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමූහයේ නිර්මාතෘවරයා වන හනිස් යුසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පියවර ගෙන තිබේ.

කොළඹ රාජකිය විද්‍යාලයෙහි ආදි ශිෂ්‍යයෙකු වන යුසුෆ් මහතා, පවුලේ ව්‍යාපාරයක් දැවැන්ත ගෝලීය ව්‍යපාරයක් බවට පත් කිරීමට සමත් වූ දක්ෂ ව්‍යවසායකයෙකු ලෙස පිළිගැනෙයි. 1982 වසරේදී ඒ මහතාගේ නායකත්වයෙන් යුත් Expolanka Frieght සමාගම ගෝලීය භාණ්ඩ ප්‍රවාහන ‍වෙළෙඳ පොළ ප්‍රමුඛයා බවට පත් කිරීමට සමත්විය.

ජාත්‍යන්තරව ක්‍රියාත්මක වූ EFL සමාගමද ඔහුගේ නායකත්වයෙන් බිහි වූවක් වන අතර, මෙම සමාගම්ද සමගින් එක්ස්පෝලංකා සමූහය ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයෙන් ප්‍රමුඛතම සමාගම බවටද පත් විය.

2012 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පුද කරන Global Commerce Excellence සම්මානයෙන් යුසූෆ් මහතා පිදුම් ලැබුවේය. 2013 වසරේදී ඔහුගේ ව්‍යවසායකත්වය ඇගයීම සඳහා  “Asia Pacific Entrepreneurship Special Achievement Award% සම්මානය පිරිනැමීය. එසේම  2022 වසරේදී ඒ මහතා Legend of Logistics සම්මානයෙන්ද පිදුම් ලැබීය.

2024 වසරේ මාර්තු මාසයේදී හනිෆ් යුසුෆ් මහතා එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ තනතුරුවලින් විශ්‍රාම ගත්තේය.

The post බස්නාහිර පළාත් ආණ්ඩුකාර තනතුර ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙකුට පිරිනැමීමට ජනපතිගෙන් තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NezYWcM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.