Loading..

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 11 දෙනෙක් සහ එක් සැකකාරියක් මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා .

ඔවුන් ඊයේ (13) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය විසිනුයි එම තීන්දුව ලබාදී ඇත්තේ .

එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ පසුගිය 29 වනදා අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වාද එම පිරිස අතර සිටිනවා.

The post ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vWSj1tU
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.