Loading..

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්! සියලුම මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි!

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනයට අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බව සඳහන්.

මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මහ බැංකු අධිපතිවරුන්ට මාසික විශ්‍රාම වැටුප ගෙවීමට තීරණය කළා.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් සියයට 74කට සමාන මාසික විශ්‍රාම වැටුපක් හිමි විය.

එහිදී ඔහු සේවය කළ වසර ගණන නොසලකා විශ්‍රාම වැටුප ගෙවීම සිදු කළේය.

නව ගැසට්‌ නිවේදනයට අනුව මින් පසු කිසිදු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැහැ.

The post තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්! සියලුම මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FAd7hrU
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.