Loading..

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය දුමින්ද හුලංගමුවට?

මිළඟ මුදල් අමාත්‍යංශයේ ලේකම් කවුද යන්න පිළිබඳ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසනවා

පසුගියදා (24) පැවති රූපවාහිනී සාකඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

මහින්ද සිරිවර්ධන ADB එකට ගිය පසු මීලඟ මුදල් අමාත්‍යංශ ලේකම් දුමින්ද හුලංගමුවද යන්න නිවේදකවරයා විසින් විමසා සිටි අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවා.

තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හුලංගමුව මහතා පැවසුවේ,මුදල් අමාත්‍යංශයේ ලේකම් සම්බන්ධ තීරණය ජනාධිපතිවරයා හා ආණ්ඩුව විසින් තිරණය කරණ බවත් ඒ පිළිබඳ මේ වන විට සාකච්ඡාවක් පවතින බවත් ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ආර්ථිකය සම්බන්ධයෙන් තමා උපදෙස් ලබා දුන්නේ නොමැති බවත් රනිල් වික්‍රමසිංහ හැදිනුවද උපදෙස් දීමට තරම් සමීප ඇසුරක් නොපැවැත්වු බවත් දුමින්ද හුලංගමුව මහතා මෙහිදී කියා සිටියා.

”කැබිනට් සබ්කමිටි එකක් පත් කළා.ආර්ථිකය වැටිලා ගොඩ එන්න බැරි තත්වයක් තමයි තිබුණේ.2022 තෙල්පෝලිම් තිබ්බා….අන්තෙටම වැටිලා තිබ්බේ.ඒකට දෙලොස්දෙනෙකුගෙන් යුත් ව්‍යාපරික කමිටුවක් පත් කළා.ධම්මක පෙරේරා ,මම,අෆ් ,හාන්ස් විජේසුරිය,විශ්ගොඡස් ස්වාමි,ක්‍රිශාන් බාලේනද්‍රා,මොහාන් පන්නලගේ ,අශෝක්,…ගෝඨා හුමවෙලා තියෙන්නේ එක පාරයි….දේශපාලන වේදිකා නියෝජනය කරලා නැහැ මම.මම ඒකට දාපු එක පුදුමයි.. එක හමුවිමකටයි මම සහභාගී වුණේ…මම ආර්ථික කවුන්සිලේ 16 දෙනාගෙන් එක්කෙනෙක් මම….”

The post මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය දුමින්ද හුලංගමුවට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Fd63Ycj
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.