Loading..

අද ගම්බිම් බලායන ජනතාවට විශේෂ දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කෙරෙන බවය.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා අද රාත්‍රී 7.30ට විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඊට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව බලා එක් දුම්රියක් පැමිණීමට නියමිතය.

මීට අමතරව කොළඹ කොටුව සිට ගාල්ල දක්වා අද රාත්‍රී 7.20ට විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඊට සමගාමීව ගාල්ලේ සිට කොළඹ කොටුවට බලා දුම්රියක් පැමිණීමට නියමිතය.

මීට අමතරව අද පෙරවරුවේදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රියක් ධාවනය වූ අතර, එය නැවත 18වනදා ආපසු පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසා සිටියේ මෙම විශේෂ දුම්රිය 10 මගින් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කෙරෙන බවයි.

මේ අතර ගම්බිම් බලායන ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අද දිනයේත් කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පවසයි.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ඩී. චන්ද්‍රසිරි පවසා සිටියේ මගී අවශ්‍යතාවය පරිදි අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.

The post අද ගම්බිම් බලායන ජනතාවට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/q2hGRiM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.