Loading..

පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම, සබරගමුව, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

The post පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Can8ASG
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.