ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද ඉරානයේ තස්නීම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පලිගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවය.
මැදපෙරදිග කලාපයේ වර්ධනය වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබේ.
කටාර් විදේශ අමාත්‍යාංශය එක්ස් සටහනකින් තබමින් නිවේදනය කරන්නේ, සිය රට වැසියන් සහා සංචරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බවයි.
The post ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් අරඹයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/0JjCF1y
via IFTTT

